අප සුරක්ෂිතා මධ්‍යස්ථානය සඳහා මනා වූ සමාජීය හා ආගමික පසුතලයක් තුළ හැදෙන වැඩෙන පරිණත බවින් යුත් නිර්මාණශ ීලී නිහතමානී යොවුන් කාර්ය බළකායක් පරිපාලන ව්‍යුහය ලෙස සංවිධාන ගත වේ’ මෙහි ප්‍රධාන අනුශාසක ගෞරවනීය බුටාවත්තේ සරණංකර නායක හිමිපාණන් වහන්සෙ ් ප්රමුඛස ්ථානයෙහි තබාගෙන නිර්මාතෘවරයා ඇතුලු අධ්යක්ෂ මණ්ඩලයක් සහ සභාපති, උපසභාපති ලෙ ්කම්, භාණ්ඩාගාරික ව්‍යාපෘති කළමනාකරු ඉංජිනේරු ආදී වශයෙන් මෙම මහා ඉදිකිරීම සඳහා සියලු දක්ෂතා වලින් හෙබි මණ්ඩලයක් ස්ථාපිත කෙරේ මනා වූ ප්‍රමිතියකින් යුත්තව මෙහි සියලු ඉදිකිරීම් කරගැනීමට අවශ්‍ය සියලුම දැනුම සහ තාක්ෂණය ලබාදීමට කටය ුතු සිදු කෙරේ.


පූජ්‍ය කුරුපිට ධම්මානන්ද හිමි
පිළිකාව නැමැති රෝගයෙන් රෝගී භාවයට පත් වූ ගිහි පැවිදි දෙපාර්ශ්වයම වසර ගණනාවක් පුරා මානෙත ගැටීමෙන් ඉහත බුද්ධ වචනයට අනුගත වී ඒ යථාර්ථයක් කිරීම කෙරෙහි මා සිත වඩාත් නැඹුරු බව කිව හැකියි. මාගේ පියාණන් වහන්සේ මීට වසර දාසයකට පෙර මෙම රෝගී තත්ත්වයෙන් මිය පරලොව සැපත් වුණි. එසේම වසර හතරකට පෙර මාගේ මෑණියන් වහන්සේ ද මෙකී රෝගී තත්ත්වයට ගොදුරු වූ අතර අපේක්ෂා රෝහල තුළින් වෛද්‍ය ප්‍රතිකර්ම ලබමින් අපගේ විහාරස්ථානයේ මාගේ ඇප උපස්ථාන ලබමින් ජීවිත අපේක්ෂා රහිතව අසාධ්‍යව ජීවත් විය. මාගේ පියාගේ රෝගීකාරී අභාවයත් මෑණියන්ගේ පිළිකා තත්ත්වයක් නිසා මහරගම අපේක්ෂා රෝහල මට ඉතා සමීප විස්ථානයක් වූ අතරින් එහි යන එන සෑම විටම භික්ෂු, භික්ෂුණීන් වහන්සේලා අත් විඳින කායික මානසික පීඩනය දැක ඇති වූ කම්පනය නිසා සමස්ත පිළිකා රෝගීන් සඳහා නොවුනත් පිළිකා ආසාදිත�ංඝයා වෙනුවෙන් පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් ස්ථාපරි කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඇතැයි ඇති වූ හැඟීම මෙවන් ව්‍යාපෘතියකට අත ගැසීමට මූලික හේතුවිය. අතිවිශාල කාර්යභාරය සඳහා මා හට ශක්තියක් වීමට දෙස් විදෙස් කල්‍යාණ මිත්‍ර ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කරමින් අප සැමගේ මූලික තේමාවෙනුයේ ජීවමාන බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමයි. එකී අරමුණෙන් රෝගී වූ සංඝයා කෙරෙහි බුද්ධ ශ්‍රාවක සුරක්ෂතා මධ්‍යස්ථානය ප්‍රධාන ප්‍රදේශක ගෞරවණීයවව භූමාවත්තේ සරණංකර නාහිමි ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු නිලධාරීන් සැමගේම කැපවීම අගයමි. මේ උතුම් කටයුතු සාර්ථක කරගැනීම මාගේ මුඛ්‍ය පරමාර්ථය වන බැවින් මේ සඳහා හුදී ජනයාගේ අවධානය ලැබේවායි පතමි
නිලධාරි මඩුල්ල

බුටාවත්තේ සරණංකර නායක හිමි

දම්පහල අරියජීව හිමි

දොඩම්ගොල්ලේ පඤ්ඤානන්ද හිමි

බටුවන්ගල රාහුල හිමි

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු නීතීඥ මන්ත්‍රී මධුර විතාන මහතා

දමිත පුෂ්පකුමාර මහතා

සුජිත් කොතලාවල මහතා

ශිරානි වනිගසූරිය මෙනෙවිය

වෛද්‍ය ශෂිකලා මාතොටආරච්චි මෙනෙවිය

නීතීඥ නාරද එදිරිසිංහ මහතා

හර්ෂණී චතුමාලි මෙනවිය

එක්සිත් සෙනෙවිරත්න මහතා

චතුර හේමංග මහතා

ඉන්දු කුමුදුනි මෙනවිය
