Loading..

අප සමග එක්වන්න

අප සමග එක්වන්න

“බුද්ධශ්‍රාවක සුරක්ෂිතා මධ්‍යස්ථානය” ඉදිකිරීමේ බැතිබර දායකත්වය අරමුදල

මෙම ආයතනය මහරගම අපේක්ෂා රෝහලට කිලෝමීටර් විසි එකක පමණ දුරින් නොම්බර109/1 සමගිපුර, අංගමුව, පාදුක්ක යන ලිපිනයෙහි පිහිටි ඉඩමේ රජයේ අනුමත සැලැස්මකට අනුව නීන්‍යානුකූල ලියාපදිංචි කිරීම් කොට දැනටමත් වැඩ කටයුතු ආරම්භ කර ඇත. මෙම මධ්‍යස්ථානයේඉදිකිරීම් වෙනුවෙන් මිලියන 880 ක මුදලක් වියදම් වෙතැයි දැනට දළ වශයෙන්ඇ ස්තමේන්තු කර ඇත. මේසා විශාල මුදලක් වියදම් කොට ඉදිකරන්නට යන මෙම මධ්‍යස්ථානයෙන් ඉදිරි සියවස් ගණනකට රෝගී සියලුම ආගමික නායකයන් සඳහා කායිකවත් මානසිකවත් සෙත සැලසීම අරමුණු කොටගෙන මේ මධ්‍යස්ථානය ඉදිකිරීම අපගේ පරම අභිලාශය වන අතර වසර පහක කාලයකින්ස ම්පූර්ණ ඉදිකිරීම් නිමකොට සේවාව සපයන මධ්‍යස්ථානයක් කිරීම අපගේ අභාප්‍රායයි. එසේ වූවත්මේ සාලා විහාල මුදලක් මේ වෙනුවෙන් සොයා ගැනීමේ අභියෝගයට අපි මේ වන විට මුහුණපා සිටිමු. මේ වෙනුවෙන් ශ්‍රී ලාංකික මෙන් ම විදේශීය කාරුණික පරිත්‍යාගශීලීන්ගේ උපකාරය අපි අපේක්ෂා කරමු. එහිදී අප වසර පහක දායකත්ව අරමුදලක් පරිත්‍යාගශීලීන්ගේ සහ ඉදිකිරීම් කටයුතු හි සාර්ථකත්වය වෙනුවෙන් යෝජිතය.

Layer 114@2x

වාර දායකත්ව අරමුදල

  • රුපියල් දහසේ මාසික දායකත්වය: මෙහිදී මාසිකව රුපියල් 1000 මුදලක් වසර පහක් පුරාවට ස්ථිර දායකත්වය වශයෙන් කල හැකිය. සම්පූර්ණ දායකත්ව මුදල රුපියල් 60 000  කි.

    රුපියල් දහසේ මාසික දායකත්වය: මෙහිදී මාසිකව රුපියල් 1000 මුදලක් වසර පහක් පුරාවට ස්ථිර දායකත්වය වශයෙන් කල හැකිය. සම්පූර්ණ දායකත්ව මුදල රුපියල් 60 000 කි.

  • රුපියල් 4000 සිව් මාසික දායකත්වය: මෙහිදී රුපියල් හාරදහසක ආධාර මූල්‍යමයක් මාස හතරකට වරක් අවුරුදු පහක් පුරාවට ස්ථිර දායකත්වය වශයෙන් පරිත්‍යාග කළ හැකිය. මු`ඵ දායකත්ව මුදල රුපියල් 60 000 කි.

    රුපියල් 4000 සිව් මාසික දායකත්වය: මෙහිදී රුපියල් හාරදහසක ආධාර මූල්‍යමයක් මාස හතරකට වරක් අවුරුදු පහක් පුරාවට ස්ථිර දායකත්වය වශයෙන් පරිත්‍යාග කළ හැකිය. මු`ඵ දායකත්ව මුදල රුපියල් 60 000 කි.

  • රුපියල් 15 000 00 වාර්ෂික දායකත්වය: මේ යටතේ ඔබට වසරකට රුපියල් පහළොස් දහස බැගින් වසර පහක් පුරාවට ස්ථිර දායකත්වය වශයෙන් පරිත්‍යාග කළ හැකිය.

    රුපියල් 15 000 00 වාර්ෂික දායකත්වය: මේ යටතේ ඔබට වසරකට රුපියල් පහළොස් දහස බැගින් වසර පහක් පුරාවට ස්ථිර දායකත්වය වශයෙන් පරිත්‍යාග කළ හැකිය.

දහසක් බුදුන් පුදනා සැදැහැති දායකත්වය

එම මධ්‍යස්ථානයේ පිළිසරණ පතන භික්ෂූ භික්ෂූණීන් වහන්සේලාගේ ආගමික වතාවත් බුද්ධානුස්සති භාවනාව ඇතු`ඵ භාවනා කටයුතු වෙනුවෙන් දහසක් බුදුන් වැඩසිටිනා තැනක් ලෙස සිත සනසාගෙන මනස සුවපත් කරගැනීමට අදාළ වට පිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම බුද්ධ ප්‍රතිමාවන් මෙහි තැන්පත් කෙරෙන අතර මෙහි එම තැන්පත් කරන බුද්ධ ප්‍රතිමාවන් ආයතනය පවතින තාක් පරිත්‍යාගශීලී ඔබගේ නාමය යටතේ තැන්පත් කිරීමට සැලසුම් කොට ඇත. මෙහි දායකත්ව මුදල වසර පහක කාලයක් වෙනුවෙන් වන අතර වසරකට රුපියල් විසිපන්දාහකි (25000) මෙම මුදල්ද මෙම මධ්‍යස්ථානයේ සමස්ථ ඉදිකිරීම් ක්‍රියාවලියේ දායකත්වයක් ලෙස සැලකීම මැනවි.

ඔබගේ සියලු ආධාර උපකාර වෙනුවෙන් පහත සඳහන් ක්‍රියාමාර්ග ඔස්සේ විනිවිදභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

1) සෑම පරිත්‍යාගශීලියකු වෙනුවෙන්ම වෙනම ලිපි ගොනුවක් පවත්වාගෙන යාම සහ එය යාවත්කාලීන කිරීම.
2) ඔබගේ වාරික මුදල් වෙනුවෙන් රිසිට්පතක් නිකුත් කිරීම සහ එම තොරතුරු ලිපිගොනුවේ සටහන් කිරීම.
3) වාර්ෂිකව ප්‍රගති වාර්තාවවක් පරිත්‍යාගශීලින් වෙත ඉදිරිපත් කිරීම.
4) ඔබගේ පරිත්‍යාගයන් ගිණුමට බැර කරන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු විද්‍යුත් තැපැල් මඟින්හෝ වට්ස්අප් මාධ්‍ය හරහා අප දැනුවත් කිරීමට කාරුණික විය යුතු අතර ලැබීම් රිසිට්පත ඔබට විද්‍යුත් තැපෑලෙන් හෝ වට්ස්අප් මාධ්‍යයෙන් ලැබෙන්නට සලස්වන අතර එය ඔබගේ ලිපි ගොනුවලට ඇතුලත් කිරීමට ද කටයුතු කරනු ඇත.

මෙම සත්කාර පිළිකා රෝගී භික්ෂූන් වහන්සේලා හා භික්ෂූණීන් වහන්සේලා වෙනුවෙන් අපට කළ හැකි මහා මෙහෙවරක් බවත් එය බුද්ධප්‍රතිමා ඉදිකිරීමේ පිංකමක් විහාරස්ථානයක් ඉදිකිරීමේ පිංකමක් රෝහලක් ඉදිකිරීමේ පිංකමක් ගිලානෝපස්ථානය කිරීමේ පිංකමක් ආදී උතුම් වූ පිංකමක් බවත් සමාජ සත්කාරකයක් බවත් කාරුණික සිත් ඇති ඔබගේ අත්වැල් බැඳගැනීම තුළින්
මෙය යථාර්තයක් බවට පත් කර ගැනීමට හැකි බවත් අපි විශ්වාස කරමු.

8017922292
බුද්ධශ්‍රාවක කෙයාරින් සෙන්ටර්
කොමර්ෂල් බැංකුව,
පිටකෝට්ටේ ශාඛාව.