Loading..
සාදරයෙන් පිළිගනිමු

බුද්ධශ්‍රාවක සුරක්ෂිතා මධ්‍යස්ථානය

බුද්ධ ශ්‍රාවක සුරක්ෂිත මධ්‍යස්ථානය යනු පිළිකා රෝගයට ගොදුරු වූ භික්‍ෂු, භික්‍ෂුණීන් වහන්සේලාගේ විවේක වාසස්ථානයක් වගේම ඉදිවන ලාංකීය ප්‍රථම සුරක්ෂිතා මධ්‍යස්ථානය බව අභිමානයෙන් සඳහන් කරන්නෙමු.
Layer 114@2x

පිළිකා උවඳුර මේ වන විට ලංකාවාසීන් සෑහෙන ප්‍රමාණයකට දැඩි බලපෑම් කරමින් සිටිනා බව ඔබ සියලු දෙනා දන්නා කරුණකි. සම්පත් හිග කම මෙන්ම රෝහල් ඉඩකඩද සීමාසහිත වීම් කරණකොටගෙන එයින් මරණයට පත්වන සංඛ්‍යාවද ඉතා ඉහළ අගයක් ගන්නා බව සත්‍යයකි. මහරගම අපේක්ෂා රෝහලේ තාක්ෂණික සම්පත් වෙනුවෙන් ලාංකික පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායකත්වයන් ලබා දීම මේ මොහොතේද සිදුවන ඉතා උතුම් කාර්යයක් බව ද අපි සිහි කරමු. මේ පිළිකා රෝගීන් අතර භික්ෂූන් වහන්සේලා ද මෙහෙණින් වහන්සේලාද සිටිනා බව නොරහසකි. 

බුද්ධ දේශනාවට අනුව පිළිකා රෝගයෙන් පෙළෙන භික්ෂූන් වහන්සේලා සහ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බුද්ධ ශ්‍රාවක සත්කාර මධ්‍යස්ථානය ඉදිකරනවා. අපේ රටේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගොඩනැඟිලි ඉදිවෙනවා දැකීම අලුත් අත්දැකීමක් නොවේ. අනුරාධපුර අභයගිරි විහාරයේ සහ මිහින්තලේ විහාරස්ථානයේ පැරණි රජවරුන් විසින් ඉදිකරන ලද රෝහල්වල නටබුන් අද ද දක්නට ලැබේ.

පාදුක්කේ සත්කාරක මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා අපි අභයගිරි විහාරයේ පැරණි රෝහල් සැලසුම් සහ ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා කර ඇත.

යෝජිත

සුරක්ෂිතා මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ව්යුහය

මෙම ආයතනය මහරගම අපේක්ෂා රෝහලට කිලෝමීටර් විසි එකක පමණ දුරින් නොම්බර 109/1 සමගිපුර, අංගමුව, පාදුක්ක යන ලිපිනයෙහි පිහිටි ඉඩමේ රජයේ අනුමත සැලැස්මකට අනුව නීන්‍යානුකූල ලියාපදිංචි කිරීම් කොට දැනටමත් වැඩ කටයුතු ආරම්භ කර ඇත.
අප හා එක්වන්න

ඉදිකිරීම් සඳහා දායකත්වය

මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වෙනුවෙන් මිලියන 880 ක මුදලක් වියදම් වෙතැයි දැනට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇත. මේසා විශාල මුදලක් වියදම් කොට ඉදිකරන්නට යන මෙම මධ්‍යස්ථානයෙන් ඉදිරි සියවස් ගණනකට රෝගී භික්‍ෂු, භික්‍ෂුණීන් වහන්සේලාගේ කායිකවත් මානසිකවත් සෙත සැලසීම අරමුණු කොටගෙන මේ මධ්‍යස්ථානය ඉදිකිරීම අපගේ පරම අභිලාශය වන අතර වසර පහක කාලයකින් සම්පූර්ණ ඉදිකිරීම් නිමකොට සේවාව සපයන මධ්‍යස්ථානයක් කිරීම අපගේ අභාප්‍රායයි.
Layer 114@2x
මාසික (Monthly)
දායකත්වය

රුපියල් 1000/- ක මාසික දායකත්වයක් වසර පහක් සඳහා ස්ථිර දායකත්වයක් ලෙස ගෙවිය හැකිය

කාර්තුමය (Quarterly)
දායකත්වය

4000/- ක කාර්තුමය දායකත්වයක් වසර පහක් සඳහා ස්ථිර දායකත්වයක් ලෙස ලබා දිය හැකිය

වාර්ෂික (Annual)
දායකත්වය

15000/- ක වාර්ෂික (annual) දායකත්වයක් වසර පහක් සඳහා ස්ථිර දායකත්වයක් ලෙස ලබා දිය හැකිය

නවතම

පුවත් සහ සිදුවීම්

BSCC සාමාජිකයින් පැමිණීම

𝐌𝐨𝐬𝐭 𝐕𝐞𝐧𝐞𝐫𝐚𝐛𝐥𝐞 𝐁 𝐒𝐫𝐢 𝐒𝐚𝐫𝐚𝐧𝐚𝐧𝐤𝐚𝐫𝐚 𝐍𝐚𝐲𝐚𝐤𝐚 𝐌𝐚𝐡𝐚 𝐓𝐡𝐞𝐫𝐨 (𝐒𝐩𝐢𝐫𝐢𝐭𝐮𝐚𝐥 𝐀𝐝𝐯𝐢𝐬𝐨𝐫 𝐨𝐟 𝐁𝐒𝐂𝐂) and Kalyana Mitta members of BSCC visited our premises...

Read More
Newsletter

යාවත්කාලීන සඳහා එක්වන්න

මෙය පිළිකා රෝගයෙන් පෙළෙන භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් අපට කළ හැකි මහඟු මෙහෙවරක් වන අතර උදාර පුණ්‍ය කර්මයක් මෙන්ම සමාජ සත්කාරයකි. ඔබගේ කාරුණික හදවත් සමඟ අත්වැල් බැඳගැනීමෙන් එය කළ හැකි යැයි අපි විශ්වාස කරමු.