බුද්ධ ශ්‍රාවක සුරක්ෂිතා මධ්‍යස්ථානය පිළිබඳව
- Home
- බුද්ධ ශ්‍රාවක සුරක්ෂිතා මධ්‍යස්ථානය පිළිබඳව
යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද හේ මට උපස්ථාන කිරීම හා සමාන වන්නේය යන බුදු වදන අනුව යමින් පිළිකා රෝගයෙන් ගිලන් වූ භික්ෂු භික්ෂුණීන් සඳහා මෙම රැකබලා ගැනීමේ මධ්‍යස්ථානය ඉදිකරනු ලබයි. භික්ෂූන් සඳහා රෝහල් ඉදිකිරීම අප රට අලුත් අත්දැකීමක් නොවේ. අනුරාධපුර අභයගිරි විහාරස්ථානයේ සහ මිහින්තලේ විහාරස්ථානවල පැරැණි රජවරුන් ඉදිකළ රෝහල්වල නටබුන් අදටත් දැකිය හැකියි.
පාදුක්ක ප්‍රදේශයේ අභිනවයෙන් ඉදි කෙරෙන මෙම රැකබලා ගැනීමේ මධ්‍යස්ථානය සඳහාද අභයගිරි විහාරයේ ඉපැරණි රෝහල් සැලසුම් සහ එම වාස්තු විද්‍යා පූර්වාදර්ශය කරගෙන ඇත.
මෙම මධ්‍යස්ථානය ප්‍රධාන ගොඩනැගිලි තුනකින් සහ බෝමළුවකින් යුක්ත වේ. මේ සඳහා යෝජිත ඉඩම බෑවුම් සහිත වන අතර එහි පහළම කොටසේ මොනරම් කුඹුරු යායක් ඇත. මෙම සංකීර්ණයේ වාසෝද්‍යාත්මක අගය වැඩි කිරීම ඉදිකිරීමේ පහසුව සහ වියදම් අවම කිරීම සැලකිල්ලට ගනිමින් බෑවුම් සහිත භූමිය මට්ටම් තුනකින් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඉඩමේ දැනටමත් පවතින කුඩා නාන පොකුණු වැඩිදියුණු කර භික්ෂු භික්ෂුණින්ට වෙන වෙනම ස්නානාගාර දෙකක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.
ඉඩමේ ඉහළම මට්ටමේ පරිපාලන සහ කළමනාකරණ කටයුතු සඳහා වන ගොඩනැගිල්ල ඉදිකරනු ලබයි. මෙම ගොඩනැගිල්ල තට්ටු පහකින් යුක්ත වේ. ලික ව්‍යුහය අනුරාධපුරයේ ලෝවාමහාපායේ සංකල්පයට අනුව ඉදිකෙරෙන අතර එහි ඉහළම මාලයේ පියස්ස මත චෛත්‍ය ඉදිකිරීමට සැලසුම් කර ඇත. චෛත්‍ය ගර්භය තුළ ධාතු මන්දිරය ඉදිකරන අතර නේවාසික භික්‍ෂු, භික්ෂුණීන්ට සහ බැතිමතුන්ට ගර්භය තුළට ගොස් ධාතූන් වන්දනාමාර කළ හැකි ආකාරයෙන් එය ඉදික කරනු ලබයි ාධිත භික්ෂු, භික්ෂුණීන්ට මෙම පරිශ්‍රයේ බිම් මහලට ඇතුළු වීමට පදිකබෑම් තලයක් ඇති අතර ඉහළ සහ පහළ මහල් වලට ගමන් කිරීමට නිරීක්ෂණ සෝපානයක් ලබාදීම මගින් චෛත්‍ය වැඩීමට යන බැතිමතුන්ට අවට පරිසරයේ සුන්දරත්වය විඳීමටද අවකාශ සලසා ඇත.
ඉඩමේ දෙවන මට්ටමේදී ගිලන් භික්‍ෂූන්ගේ නේවාසිකාගාරය සැලසුම් කර ඇත මෙම ගොඩනැගිල්ල තට්ටු හයකි. මෙහි ්‍යුහය සඳහා ආලාහන පිරිවෙනේ ඉපැරණි රෝහලේ සැලැස්ම පූර්වාදර්ශයට ගෙන ඇත භික්ෂූන් සහ භික්‍ෂුණීන් සඳහා වෙන වෙනම නේවාසිකාගාර දෙකක් ඉදිකරන අතර එම ගොඩනැගිලි දෙක යා කරමින් ප්‍රතිකාර ඒකක සහ හෙද හැදියන්ගේ රාජකාරී කාමර සාත්තු සේවක සේවිකාවන්ගේ රාජකාරී කාමර ආදිය ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම ගොඩනැගිල්ල තුළ අංග සම්පූර්ණ දාන පුස්තකාලයක් භාවනා සහ යෝගාව්‍යාස කිරීමට ශාලාවවක්ද පිහිටා ඇත මුළුතැන්ගය ගබඩාකාමර ආදිය අර්ධ බිම් මහල තුළ සැලසුම් කර ඇති අතර ඉහළම මාලයේ ඇඳුම් සිවුරු ආදිය සේදීම සහ වේලිම් සඳහා පහසුකම් සපයා ඇත. ආබාධිත සහ ගිලන් භික්ෂු, භික්ෂුණීන්ගේ පහසුව සඳහා රෝහලේ සෝපාන සපයා ඇත.
අපගේ අරමුණු
- පිළිකා ආසාදිත භික්ෂු, භික්ෂුණීන් වහන්සේලා සඳහා කායික මානසික සුවපහසුව සැලසීම.
- පිළිකා ආසාදිත භික්ෂු, භික්ෂුණීන් වහන්සේලා සඳහාම වෙන්වන ස්ථානයක් ලෙස පවත්වාගෙන යෑම.
- පිළිකා ආසාදිත භික්ෂු, භික්ෂුණින් වහන්සේලා සඳහා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකර්ම ලබන කාලය තුළදී නේවාසිකව සියලුම ඇප උපස්ථාන සහිතව වැඩවැසීම සඳහා පහසුකම් සලසා දීම.
- පිළිකා ආසාදිත භික්ෂු, භික්ෂූණූන් වහන්සේලාට කළ යුතු සියලු වෛද්‍ය පරීක්ෂණ ඇතුළු අවශේෂ ප්‍රතිකර්ම සඳහා අප ආයතනය මගින් සෘජු සම්බන්ධතාවක් අපේක්ෂා රෝහල සමග ගොඩනගා එකී කටයු තු කිසිදු ප්‍රමාදයකින් තොරව ඉටු කර දීමට අවශ්‍ය දෑ සැලසීම.
- පිළිකා ආසාදිත භික්ෂු, භික්ෂුණන් වහන්සේලාට අපේක්ෂා රෝහණ තුළ නිසී ගෞරවයක් ලබාදීමට මැදිහත් පාර්ශවයක් වීම.
- වත්මන් ලෝක වෛද්‍ය සංවිධානයන්හි මතයන් වන පිළිකා ආශ්රිත රෝගියෙක් සඳහා නිසි පෝෂිතදායි ආහාර වේළක් ලබා දීම වගින් පිළිකා තත්ත්වයන් සමනය කළ හැකි බව තහවුරු කර ඇත එම පෝෂදායේ ආහාර වේලක් සහිතව පිළිකා ආසාදිත බුද්ධ ශ්‍රාවකයන් රැකබලා ගැනීම අපගේ ආයතනය පරම යුතුකම වෙයි.
- වත්මන් භික්ෂු සාසනය පිළිකා රෝගය පිළිබඳව දැනුවත් කිරීමට අප ආයතනය මූලිකව කටයුතු කරනු ලැබේ.
- වත්මන් සමාජයට ගිලානෝපස්ථානය පිළිබඳව ආදර්ශයෙන් මඟපෙන්වීම.
- පූර්ව පිළිකා හඳුනාගැනීම සඳහා අවශ්‍ය වන මූලික පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැලසීම.